ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 යි මිලිග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 මහජන ප්‍රතිචාර

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version