චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි Green Meadows Resort හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පැවැත්වීය.
දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වී තිබේ.
දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම් සාමාජිකයින්, රොටරි සමාජ සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
මෙම උළෙල ශ්‍රී ලංකාවේ විවිධ ආහාර සංස්කෘතිය ලොවට විදහා දැක්වීමටත්, අමුත්තන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරවල සැබෑ රසය අත්විඳීමටත් ලැබුණු අනගි අවස්ථාවක් විය.
ශ්‍රී ලංකා ආහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Vels University හි නිර්මාතෘ සහ කුලපති ආචාර්ය ඉෂාරි කේ. ගනේෂ් මහතා සහභාගී වී තිබුණි.
ද්වාර්කා ප්‍රඩක්ෂන්ස් හි බ්ලේස් කන්නන් මහතා, කොළඹ Cinnamon Grand හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අසාර් මහතා සහ නළු කලණ ගුණසේකර මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.
Cinnamon Grand හෝටලයේ ප්‍රවීණ සූපවේදීන්ගේ සහභාගීත්වය මෙම උළෙලේ සුවිශේෂී අංගයක් විය. ඔවුන්ගේ කුසලතා මගින් අමුත්තන්ට ශ්‍රී ලාංකීය ආහාරවල සැබෑ රසය අත්විඳීමට හැකි විය. එසේම, ශ්‍රී ලංකා පොලිස් නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තන අංග මගින් ශ්‍රී ලංකාවේ පොහොසත් කලාත්මක උරුමය විදහා දැක්වීය.
මෙම අවස්ථාවට Rotary District 3234 හි දිස්ත්‍රික් ප්‍රධානි සුරේෂ් ජේන් මහතා සහ Chennai Coastal Rotary Club හි සභාපති නවීන් ගුප්තා මහතා ද සහභාගී වී ඇත.
එසේම, රොටරි සමාජය විසින් ශ්‍රී ලංකාවට ගිලන් රථයක් පරිත්‍යාග කිරීමට සහ මෙරට පාසල් 30ක් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
