සංචාරක එංගලන්ත – ශ්‍රී ලංකා අද (22) පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්.
ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් හිමියි.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුනු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
ඒ අනුව, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93*ක්ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25*ක්ද, ජනිත් ලියනගේ ලකුණු 46ක්ද, කමිල් මිෂාර ලකුණු 27ක්ද, පැතුම් නිශ්ශංක ලකුණු 21ක්ද, නායක චරිත් අසලංක ලකුණු 17ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වීමට සමත් වුණා.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ආදිල් රෂීඩ් කඩුළු 03ක්ද, සෑම් කරන්, රෙහාන් අහමඩ් සහ ලියම් ඩෝසන් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.
