මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 වැනිදා දක්වා ගත වූ කාලය තුළ රිය අනතුරු 1,375 ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

එහිදී, මාරක රිය අනතුරු 147 ක් සිදුවී ඇති බවත්, ඉන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ.

එසේම බරපතළ රිය අනතුරු 328 ක් හා සුළු අනතුරු 678 ක්ද සිදුව ඇති බවත්, අවිනීත රියදුරන් සම්බන්ධයෙන් නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 මහජන ප්‍රතිචාරMost Recent

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version