නොච්චියාගම, ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ පිළිස්සෙමින් තිබිය දී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෙම මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පාදවල දණහිස් දක්වාම පිළිස්සී ඇති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මළසිරුරෙහි දකුණු අතේ මැදගිල්ලේ මුදුවක් තිබී හමු වූ බවය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version