අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින්, එළඹෙන මැයි මස 06 වැනිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 – 40 අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version