ගල්කිස්ස, පන්සල පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ ඝාතන තැතකට සම්බන්ධ කාන්තාවක් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 21 වන දින රාත්‍රියේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණි. නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටි පුද්ගලයෙකු වෙත පැමිණි නාඳුනන පුද්ගලයෙකු ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කර ඇතත්, එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් මෙම වෙඩික්කරුට අවශ්‍ය ගිනිඅවිය ලබා දී ඇති බවයි. ඇය යතුරුපැදියකින් පැමිණ ගිනිඅවිය ලබාදෙන අයුරු සීසීටීවී කැමරාවල ද සටහන්ව තිබුණි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
