Browsing: Featured

යාපහුව ඓතිහාසික රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සංස්කෘතික සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

වට්ස්ඇප් තාක්ෂණය භාවිත කරමින් තෑගි ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා එහි පරිගණක දත්ත සියල්ල වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් පිටපත් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්දේශ නවයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

හෙට (නොවැම්බර් 01) දින සිට නිශ්චිත මූල්‍ය සහ පරිපාලන කටයුතු සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

තම පෞද්ගලිකත්වයට හානි වන අයුරින් CCTV දර්ශන සංස්කරණය කර ප්‍රචාරය කළ බව පවසමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යොමු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා කටාර් රාජ්‍යය යළිත් මැදිහත් වී සාකච්ඡා ආරම්භ කර තිබේ.

පෝලන්තයේ ඉහළම අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව එරට දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව අවධාරණය කළාය.