ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පෙරළී ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යාත්‍රාවේ ධීවරයින් 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා තහවුරු කළේය.

අනතුරට ලක්වූ ධීවරයින් බේරා ගැනීම සඳහා මේ වන විටත් නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version