පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙම මස 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එම කටයුතු අගෝස්තු 25 වැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙවර විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් වශයෙන් සමස්ත සිසුන් 294,089ක් පෙනී සිටියහ. විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,723කදී කිසිදු බාධාවකින් තොරව සාර්ථකව පවත්වා අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හැකි විය.

මෙම විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වූ බවද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version