පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූ නවක වද සිදුවීමක් ලෙස හඳුන්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් සංසරණය වෙමින් පවතී.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝව තම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය නිල වශයෙන් අවධාරණය කර සිටී.

විශ්වවිද්‍යාලය තුළ සිදුවන ඕනෑම ආකාරයක හිංසනයකට තමන් දැඩිව විරුද්ධ බව පවසන පාලන අධිකාරිය, යම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල රෙගුලාසි සහ නීතියට අනුව අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version