දේශීයව නිෂ්පාදනය කෙරෙන පෝෂ්‍යදායී කෘෂි භෝග සඳහා අගය එකතු කිරීම මගින් ගෘහස්ථ පෝෂණ තත්ත්වය නංවාලීමටත්, ආහාර නාස්තිය අවම කිරීමටත්, ගොවි පවුල්වල ආදායම පුළුල් කිරීමටත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) පියවර ගෙන ඇත.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා දේශීය කෘෂි සම්පත් පදනම් කරගනිමින් වෙළෙඳපොළට ගැළපෙන අගය එකතු කළ නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ. ඒ යටතේ පලතුරු, එළවළු, ධාන්‍ය, කුළුබඩු සහ කිරි ආශ්‍රිත විවිධ නිෂ්පාදන සැකසීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කෙරේ.

මෙම වැඩසටහන මගින් ගොවීන්ට සහ ග්‍රාමීය කාන්තාවන්ට පෝෂණයට හිතකර ආහාර සැකසීම, සංරක්ෂණය, සනීපාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රායෝගික කුසලතා ලබාදෙයි. තවද, නිසි පරිදි ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම සිදු කිරීම මගින් නිෂ්පාදනවල වෙළෙඳපොළ වටිනාකම ඉහළ නංවා ගැනීමට ද අපේක්ෂා කරයි.

අස්වනු නෙළන සමයේදී සිදුවන පසු අස්වනු හානි හා ආහාර නාස්තිය අවම කරමින්, වසර පුරා පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණකි. මේ හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කුඩා පරිමාණ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමටත් හැකි වනු ඇත.

මෙම වැඩසටහනට අදාළ වැඩිදුර තොරතුරු සහ තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා 011 2770986 යන දුරකථන අංමකයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගත හැකි බව ව්‍යාපෘතිය දැනුම් දී සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version