අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු චමත් මොරායස් සහ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන මහත්වරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට මීට පෙර තීරණය කර තිබුණි.

එම තීරණයට අනුව, අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරනු ලැබීය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version