දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දිස්ත්‍රික්කයට අයත් කළුතර සහ දොඩංගොඩ ප්‍රදේශ අතර මාර්ග කොටසේදී බරපතල රිය අනතුරක් සිදුව ඇත.

මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ තවත් මෝටර් රථ හයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ගමනාගමනයට මෙම අනතුර හේතුවෙන් බාධා එල්ල වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version