එක්සත් රාජධානියේ 30 හැවිරිදි ලිස් ඊස්ට් නම් තරුණියක්, තමන් වසර හතරක් පුරා නිරත වූ අපරාධ නීතිඥ වෘත්තියෙන් ඉවත් වී සුනඛයන් ඇවිද්දවීමේ සහ ඔවුන් රැකබලා ගැනීමේ ව්‍යාපාරයකට යොමුවීමට තීරණය කර ඇත.

ඇය පවසන පරිදි, නීතිඥ වෘත්තියේ පැවති අධික වැඩ පීඩනය, දිගු සේවා කාලය සහ පවුල් ජීවිතයට කාලය වෙන් කර ගැනීමට නොහැකි වීම ඇයගේ මානසික සැනසීමට දැඩි බාධාවක් වී තිබේ. අධිකරණ කටයුතු සහ බන්ධනාගාර වෙත නිරන්තරයෙන් යාමට සිදුවීම නිසා ඇයට දැනී ඇත්තේ තම වයසට වඩා වයස්ගත ජීවිතයක් ගත කරන බවයි.

සිය සැමියාගේ ද සහය ඇතිව ආරම්භ කළ මෙම නව ව්‍යාපාරය හරහා මේ වන විට ඇය සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත. දිනකට සුනඛයන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් රැකබලා ගන්නා ඇය, එක් සුනඛයෙකු සඳහා පැයකට පවුම් 14ක් වැනි මුදලක් අය කරයි.

මේ හරහා ඇය දිනකට පවුම් 300ත් 400ත් අතර ආදායමක් උපයන අතර, එය ඇය පෙර නීතිඥ වෘත්තියෙන් ඉපයූ මුදලට වඩා වැඩි බව ඇය සඳහන් කරයි. එපමණක් නොව, පෙර රැකියාවට වඩා අඩු කාලයක් වැය කරමින් වැඩි ආදායමක් සහ මානසික සතුටක් ලැබීමට ඇයට හැකි වී තිබේ.

නීතිඥ වෘත්තිය අතහැරීම සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන එල්ල කළද, තමන් ගත් තීරණය පිළිබඳව ඇය පසුතැවෙන්නේ නැත. තමන් ලබාගත් නීති උපාධිය තවමත් තමා සතු බවත්, අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක එම ක්ෂේත්‍රයට යා හැකි වුවත්, තමන් මේ වන විට නිරත වන සතුන් සමඟ වැඩ කිරීමේ වෘත්තියට දැඩි ලෙස ආදරය කරන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version