හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, ගමන් ගත් වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් සිය සේවාදායකයාට නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. එම කරුණු සලකා බලා වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ අදාළ ඉල්ලීම හෙට (22) දිනයේදී මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version