සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී ආරම්භ වීමට නියමිතය. මෙම දිවා රාත්‍රී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වේ.

මීට පෙර පැවති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලියට පිවිසෙන්නේ අහිමි වූ ගෞරවය නැවත දිනා ගැනීමේ අරමුණෙනි. කණ්ඩායමේ නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් යළිත් කණ්ඩායම හා එක්ව සිටීම ශ්‍රී ලංකා පිලට විශාල ශක්තියක් වනු ඇත.

මෙම තරගාවලිය සඳහා පවන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක සහ සචිඳු කොළඹගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත. එංගලන්ත කණ්ඩායම හැරී බෲක්ගේ නායකත්වයෙන් තරග වදින අතර, ජෝ රූට් ද ඔවුන්ගේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමට එක්ව සිටියි.

එංගලන්ත භූමියේදී මීට පෙර පැවති එක්දින තරග 25කින් තරග 12ක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරගාවලියක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව සතු වූයේ 2014 වසරේදීය.

තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 24 වැනිදා ලීඩ්ස් හීදී සහ සැප්තැම්බර් 27 වැනිදා ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version