තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අද (28) දිනට යෙදී තිබේ. මෙම දිනය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව ලෙස “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්න නම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලාත්මක කර වසර 10ක් සපිරීමද මෙවර සැමරුමේ ඇති විශේෂත්වයකි. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ වැදගත්කම සහ වගකීම් සහගත ජනමාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අවධාරණය කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version