මොරවක ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ සහ බියගම ධම්ම විහාර මධ්‍යස්ථානය ඇතුළු බෞද්ධ ආයතන කිහිපයක අධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හන්තානේ ධම්මගවේසි හිමියන් වෙත අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ අනුනායක පදවිය පිරිනැමීම සිදු කෙරිණි.

මෙම උත්කර්ෂවත් උත්සවය පසුගිය ඔක්තෝබර් 27 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමරපුර ශ්‍රී ලංකා මහා නිකායේ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබුණි.

නව අනුනායක හිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලදී. විජිනිපත පිළිගැන්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගේදාර දිසානායක මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි ඩෝ මලර් තාන් හ්ටෙයික් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා අතාවුද මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, මහා සංඝරත්නය සහ දායක සභාවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version