1979 වසරේදී සංචාරක සේවා සමාගමක් ලෙස ආරම්භ වූ සෙනොක් (SENOK) සමූහය, මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ ප්‍රමුඛතම පෞද්ගලික ව්‍යාපාරික සමූහයක් ලෙස සිය 47 වැනි සංවත්සරය සනිටුහන් කරයි. සමාගම් 40කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම සමූහය, දශක පහකට ආසන්න කාලයක් පුරා ජාතික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.

ඉදිකිරීම් හා බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය සමූහයේ වර්ධනයේ ප්‍රධාන පදනම බවට පත්විය. Kobelco, JCB, HAMM සහ Airman වැනි ජාත්‍යන්තර සන්නාම නියෝජනය කරමින්, රටේ මාර්ග සංවර්ධන, වාරිමාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සෙනොක් සමූහය සිය තාක්ෂණික සහාය ලබා දෙයි.

මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ද සැලකිය යුතු ස්ථානයක් හිමිකරගෙන ඇති සෙනොක්, කුලියාපිටියේ පිහිටි Western Automobile Assembly (WAA) ආයතනය හරහා දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ද දායක වේ. මීට අමතරව, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස සුළං, ජල සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ද සමූහය කටයුතු කරයි.

2012 වසරේදී ආරම්භ කළ සෙනොක් එයාර් (Senok Air) හරහා ගුවන් සේවා ක්ෂේත්‍රයට ද පිවිසි එම ආයතනය, හෙලිකොප්ටර් මෙහෙයුම් මගින් මගී ප්‍රවාහනය සහ හදිසි වෛද්‍ය සේවා ඇතුළු විශේෂිත සේවාවන් රැසක් සපයයි. ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගොස් මාලදිවයින සහ අප්‍රිකානු කලාපය දක්වා සිය ජාත්‍යන්තර මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට ද සෙනොක් සමූහය මේ වන විට සමත්ව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version