චීනයේ යුනාන් පළාතේ පදිංචි තරුණයෙකු තම විවාහ මංගල උත්සවය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ආරාධනයක් මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව තිබේ. කුඩා කලදීම දෙමාපියන් අහිමි වූ මෙම තරුණයාට මංගල උත්සවය සඳහා සහභාගී වීමට සමීපතම ඥාතීන් පිරිසක් නොසිටීම හේතුවෙන් ඔහු දැඩි අසරණභාවයට පත්ව සිටියේය.
තම ජීවිතයේ සුවිශේෂී දිනය තනිව සමරන්නට සිදුවේ යැයි ඇතිවූ බිය නිසා ඔහු අන්තර්ජාලය හරහා ආගන්තුකයන්ට ආරාධනා කිරීමට තීරණය කළේය. මෙම ආරාධනයට ප්‍රතිචාර දක්වමින් කිසිදා නොදුටු දහස් ගණනක් පිරිසක් මංගල උත්සවය පැවති ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයකි.
එම පිරිස මංගල උත්සවයට සහභාගී වූවා පමණක් නොව, ආහාර පාන පිළියෙළ කිරීමට, සැරසිලි කටයුතු සිදු කිරීමට සහ මංගල රථ පෙළක් සූදානම් කිරීමට ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබුණි. මනාල යුවළ වෙනුවෙන් සුඛෝපභෝගී Maybach වර්ගයේ මෝටර් රථයක් පවා තෑගි ලෙස ලබාදීමට පුද්ගලයෙකු කටයුතු කර තිබේ.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනෙකු එම තරුණයාගේ අභීත තීරණය සහ ඔහුට සහය දැක්වූ පිරිසගේ මානුෂීය ගුණය අගය කර තිබේ. ඇතැම් පරිශීලකයන් සඳහන් කර ඇත්තේ මෙය චීනයේ පැවති වඩාත් සංවේදී සහ විශාලතම ජනතා සහභාගීත්වයක් සහිත මංගල උත්සවයක් බවයි.
