පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘සිසු උපහාර’ උළෙල පසුගියදා වවුනියාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩැල්ල ග්‍රාම සංවර්ධන සමිති පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් සිසුන් දිරිගැන්වීම මෙහි මූලික අරමුණ විය.

අම්බලන්ගොඩැල්ල ශිෂ්‍යත්ව පදනම විසින් 23 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී සිසුන් 35 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය. මීට අමතරව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් ජයග්‍රහණ ලැබූ සිසුන් සඳහා සහතිකපත් සහ තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රාස්ත්‍රපති කිරිගල්වැව විමලසාර නාහිමිපාණන් වහන්සේ, අම්බලන්ගොඩැල්ල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති නිලූක වර්ණසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. ප්‍රජා මට්ටමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට මහත් ශක්තියක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version