කන්තලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින අක්කර 22,000ක පමණ කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක මෙවර මහ කන්නයේ වගා කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව කන්තලේ වාන් ඇල, තඹලගමුව සහ මුලිල්පොතාන ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව මේ වන විටත් තම කුඹුරු ඉඩම් සකස් කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය සූදානම් වීම් සිදු කරමින් සිටිති.

මේ අතර 2026/2027 මහ කන්නය වෙනුවෙන් ගිරිතලේ ජලාශයෙන් මංගල දියවර නිකුත් කිරීමද මේ දිනවල සිදු කෙරිණි. ගිරිතලේ ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල දියවර නිකුත් කිරීම සිදුවිය.

ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 13,000කට ආසන්න භූමි ප්‍රමාණයකට මෙවර මහ කන්නය සඳහා ජලය සැපයීමට නියමිතය.

වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ජලය නිසි වේලාවට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව වාරිමාර්ග බලධාරීන් වෙත සිය ස්තූතිය පළ කර සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version