2026 වසර සඳහා වන අංක 08 දරන අතිරේක ඇස්තමේන්තුව අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම අතිරේක ඇස්තමේන්තුව මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ආශ්රිත ඩ්‍රෝන යානා පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 4,261ක මුදලක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වෙනස් වන මෙහෙයුම් වටපිටාව සහ බෙංගාල බොක්ක ආශ්රිත කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවිය හැකි හදිසි තර්ජන සැලකිල්ලට ගනිමින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, හෙට (06) පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ විශ්වාසභාර (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු පෙත්සමක් ගොනු කර නොමැති නම් පමණක් එම විවාදය පැවැත්වෙනු ඇත.
එළඹෙන සිකුරාදා (06) දින පාර්ලිමේන්තු කටයුතු කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද දැනුම් දී තිබේ.
