බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේලා වෙත නිකුත් කිරීමට නියමිත නව හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ කටයුතු තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රමාද වී තිබේ.
අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර මහතා සඳහන් කරන්නේ, මීට පෙර භාවිත කළ හැඳුනුම්පත් මුද්‍රණය කළ යන්ත්‍රයේ දත්ත සහ ලාංඡන පැහැදිලි නොවීම හේතුවෙන් නව මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි.
කෙසේ වෙතත්, හදිසි අවශ්‍යතාවක් මත හැඳුනුම්පතක් අවශ්‍ය වන භික්ෂූන් වහන්සේලා සඳහා විකල්ප ක්‍රමවේදයක් හරහා එම පහසුකම ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය දැනුම් දෙයි.
මහානායක හිමිවරුන්ගේ මගපෙන්වීම යටතේ සකස් කළ මෙම නව හැඳුනුම්පත, රජය පිළිගත් නිරවුල් දත්තවලින් සමන්විත එකක් ලෙස හඳුන්වා දීමට අපේක්ෂිතය. සමාජ සක්‍රීය කටයුතුවල නිරත වන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට ඕනෑම ස්ථානයකදී සිය අනන්‍යතාව තහවුරු කිරීමට මෙම හැඳුනුම්පත ඉවහල් වනු ඇත.
