ඉදිරි අයවැය මගින් ජනතාවගේ සුබසාධනය උදෙසා අත්‍යවශ්‍ය දීමනා රැසක් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. අදාළ පාර්ශ්ව සහ සමාජ සංවිධාන සමඟ පුළුල් සාකච්ඡාවකින් තොරව සහ එකඟතාවයකින් තොරව එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බව ඔහු අවධාරණය කළේය.
රටේ අනාගත ගමන්මග සහ රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු දැක්වීය. රටේ ඓතිහාසික පදනම් අතහැර දමා කිසිවිටෙකත් රට ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා, රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
