මධ්‍යම ජපානයේ ෂිසුඕකා ප්‍රාන්තය ආශ්‍රිතව අද (08) අලුයම මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන පරිදි, මෙම භූමිකම්පාව එරට වේලාවෙන් අලුයම 1.04ට පමණ සිදුව ඇත.
මෙම සිදුවීම හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර තිබේ. වාසනාවකට මෙන්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, භූමිකම්පාවේ බලපෑමෙන් වෙළඳසැල්වල වීදුරු බිඳී යාම සහ රාක්කවල තිබූ භාණ්ඩ බිම වැටීම වැනි දේපල හානි සිදුව ඇත. එමෙන්ම ප්‍රදේශ කිහිපයක ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
AI illustration; not a photograph of the reported event.
