ඇමරිකානු භාණ්ඩ මත පනවා තිබූ 24%ක අතිරේක තීරුබදු අනුපාතය තවත් මාස දෙකක කාලයකට අත්හිටුවීමට චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
වොෂින්ටනයේදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඇති කරගත් එකඟතාවලට අනුව, ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මෙම නව නියෝගය 2026 නොවැම්බර් 10 වැනිදා සිට බලාත්මක වීමට නියමිතය.
කෙසේ වෙතත්, ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති 10%ක අතිරේක තීරුබදු අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව චීන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
චීනය සහ ඇමරිකාව අතර පවතින ආර්ථික හා වෙළඳ සබඳතා වඩාත් ස්ථාවර සහ ධනාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
