මාතර, කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත මහත්මියගේ වැඩ තහනම් කර ඇත.

ඇය මුදල් විශුද්ධිකරණ පනතේ වගන්ති ප්‍රකාරව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර, එම සිද්ධියට අදාළව පැවැත්වූ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා විසින් මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති අතර, එය පෙරේදා (07) දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඇතුළු පස් දෙනෙකු මුදල් විශුද්ධිකරණ පනත යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version