මන්නාරම දිස්ත්‍රික්කයේ මන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කූරයි ග්‍රාම නිලධාරි වසමේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් යුද හමුදාව විසින් ආරම්භ කර ඇත.
54 වන පාබල සේනාංකයේ 541 වන පාබල බලසේනාවට අයත් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මෙම ආපදා සහන මෙහෙයුම් සඳහා එක්ව සිටිති. ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා භටයින් කඩිනමින් මැදිහත් වී කටයුතු කළහ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 70ක පුද්ගලයින් 163 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර ඉලුප්පුකඩවයි රජයේ පාසලේ පිහිටුවා ඇති තාවකාලික ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
එම මධ්‍යස්ථානයේ රැඳී සිටින පවුල් සඳහා අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැපයීමට ද යුද හමුදාව කටයුතු කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව හමුදා භට පිරිස් අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු සිදු කරයි.
