Browsing: ලංකා ව්‍යාපාර

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු පුදබිම්වල පවිත්‍රතාවය ආරක්ෂා කරගනිමින් වන්දනාමාන කටයුතු සිදුකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

2334 වැනි පොසොන් උත්සවය සැමරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ 15ක් පමණ බැතිමතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් සූදානම් කර තිබේ.

2022 වසරේ රජයේ මූල්‍ය වාර්තාවල අඩංගු රුපියල් බිලියන 22කට අධික මුදල් අක්‍රමිකතා සහ ගිණුම්ගත නොකළ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ හයිටි සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දියාව විසින් නොමිලේ ලබා දී තිබේ.

පාදුක්ක වටරැක එළිමහන් බන්ධනාගාරයේ සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රැඳවුම් සිසුන් හය දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ගන්නා කිසිදු තීරණයක් දේශපාලන වාසි හෝ ජනප්‍රියත්වය පදනම් කරගෙන නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.