Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

75 වැනි ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කළ ප්‍රතිභා ලියනාරච්චි, තරගයෙන් අනතුරුව තමා ලැබූ අත්දැකීම් සහ රට වෙනුවෙන් දැක්වූ කැපවීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීමක් ලෙස හුවා දක්වමින් සංසරණය වන වීඩියෝව අසත්‍ය බව පාලන අධිකාරිය පවසයි.

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීතිවිරෝධී ලෙස අල්ලා ගබඩා කර තිබූ මසුන් කිලෝ 3200කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දින ගණනාවක් වසා දමා තිබූ ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු ගුවන් මධ්‍යස්ථාන කිහිපයක් යළි විවෘත කර ඇත.

ඉන්දියාවේ දුෂ්කර සහ ජලයෙන් වට වූ ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරීම සඳහා අභ්‍යන්තර ජල මාර්ග භාවිත කරමින් නව ලොජිස්ටික් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඉන්දියාව සහ ජපානය අතර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන විස්සයි විස්ස තරගය සැප්තැම්බර් 22 වැනිදා ජපානයේදී පැවැත්වීමට නියමිතය.