Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පවතින බෝට්ටු සේවා සම්බන්ධ ගැටලු විසඳීමට සහ ඒවා විධිමත් කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම වැවේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.

ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.

ගුරු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ වූ අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

රට ගොඩනැගීමේ ගමනේදී මහා සංඝරත්නයේ ආධ්‍යාත්මික මඟපෙන්වීම රජයට විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.