අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026/2027 වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

මෙම විෂය ධාරාව ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්ට අදාළ අයදුම්පත් සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

සිසුන්ට අවශ්‍ය අයදුම්පත් ආකෘති පත්‍ර මෙන්ම, මෙම විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසල් ලැයිස්තුව ද අමාත්‍යාංශය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

අදාළ අයදුම්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, සුදුසුකම් ලත් සිසුන් නියමිත කාලසීමාව තුළ සිය අයදුම්පත් යොමු කරන ලෙස අමාත්‍යාංශය දන්වා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version