සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම රජයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය සහ ඉදිරි පියවරයන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා වේ.

මෙම අවස්ථාව සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version