ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (31) දින සිය ධුර කාලය අවසන් කරමින් විශ්‍රාම ගනු ලැබීය.
2024 දෙසැම්බර් 30 වන දින යුද හමුදාපති ධුරයට පත් වූ ඒ මහතා, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරාල් රොද්‍රිගෝ, 1989 ජනවාරි 20 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඔහුගේ විශ්‍රාම ගැනීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇත.
