මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පවසන පරිදි, මෙම ජලාශ දෙකම මේ වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

පසුගිය පැය 24ක කාලය තුළ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ජලාශය පිටාර මට්ටමට ළඟා වීමට තවත් අඩි 31ක පමණ ජල ධාරිතාවක් අවශ්‍ය බව සඳහන් වේ.

එමෙන්ම, කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (02) උදෑසන වන විට මිලිමීටර් 26ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මේ වන විට එම ජලාශය පිටාර මට්ටමට ළඟා වීමට ඉතිරිව ඇත්තේ අඩි 16ක් සහ අඟල් 2ක් පමණි.

ජලාශ භාර ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ වර්ෂාව තවදුරටත් පැවතියහොත් ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version