2026 වසරේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාගය අවසන් වන තෙක් මෙම තහනම බලාත්මක වන අතර, එම කාලසීමාව තුළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතුය.

එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබා දෙන බවට පවසමින් පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මගින් ප්‍රචාරණය කිරීම මෙන්ම, එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද තහනම් කර ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version