කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, අද (02) දින සිට දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ කැපී පෙනෙන අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය.

කෙසේ වෙතත්, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 55 ත් 65 ත් අතර අගයකට ඉහළ යාමේ හැකියාවක් පවතී.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. ඒ අනුව, මුහුදු කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version