මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ යළි කැඳවනු ලැබීය.

එම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් වීමට මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුට අධිකරණය විසින් නොතිසි නිකුත් කර ඇත.

අදාළ නිලධාරීන්ට ලබන සැප්තැම්බර් 8 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version