ජා-ඇල, පමුණුගම පොලිස් වසමට අයත් එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිසක් දියේ ගිලීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 30 වන දින පස්වරුවේ මෙම පිරිස මුහුදේ දිය නාමින් සිටියදී අනතුරට ලක්ව අතුරුදන් වී ඇති අතර, ඒ අතර කාන්තාවක්, ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු සිටි බව වාර්තා වේ.

සිද්ධියෙන් පසු නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මවගේ, ඇගේ දියණියගේ සහ ඥාතී දියණියගේ සිරුරු සොයා ගැනීමට හැකි විය.

අතුරුදන් වූ අවුරුදු 13ක් වන පිරිමි දරුවා සොයා මේ වන විටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. අතුරුදන් වූ සියලු දෙනා ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version