ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් රංජිත් කුමාර් හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති පාතාල කල්ලි සාමාජිකයා අද (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පසුගිය ජනවාරි මස 09 වන දින ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඉතාලිය බලා පලා යාමට උත්සාහ කරමින් සිටියදීය. ඔහු දිගු කලක් තිස්සේ විදෙස්ගතව සැඟවී සිටි පුද්ගලයෙකි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහු පොලිසිය විසින් දිගු කලක සිට සොයමින් සිටි ප්‍රධාන සැකකරුවෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version