ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාව මත මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, මින් ඉදිරියට වාහන හිමියන් සඳහා භෞතික රක්ෂණ සහතික නිකුත් කිරීම වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මෙම නව ක්‍රමවේදය 2026 මැයි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී ඇති අතර, ඒ හරහා රක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ පහසු කර ගැනීම අරමුණු කෙරේ.

ඩිජිටල්කරණය දෙසට රක්ෂණ ක්ෂේත්‍රය ගෙන යන තවත් පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුන්වා දිය හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version