ප්‍රංශයේ උතුරු දිග ප්‍රදේශයේ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 180 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූවන් අතරින් 18 හැවිරිදි තරුණියකගේ තත්ත්වය බරපතල බැවින් ඇයව ගුවන් මගින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට පත් වූවන්ට සහන සැලසීම සඳහා ගිනි නිවන ඒකක ඇතුළු සහන කණ්ඩායම් ක්ෂණිකව එම ස්ථානය වෙත යොමු කළ බවයි.

දුම්රිය පීලි පැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version