කොළඹ මැරතන් 2026 ජාත්‍යන්තර තරගාවලිය පැවැත්වීම හේතුවෙන් හෙට (13) පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මෙම තරගය ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන් ආරම්භ වී කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු මුවදොර දෙසට ගමන් කිරීමට නියමිතය. තරගය පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

මැරීන් ඩ්‍රයිව් ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන රියදුරන් කොල්ලුපිටිය හන්දියෙන් විකල්ප මාර්ග වෙත යොමු කෙරේ. එසේම දෙහිවල සහ ගල්කිස්ස දෙසින් පැමිණෙන රියදුරන් M.O.D. හන්දිය, කොම්පඤ්ඤවීදිය, වැලිකඩ සහ බොරැල්ල හරහා ගමන් කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

තරගයේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇති අතර, ඔවුන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී. තරගය අතරතුර රථවාහන පාලනය සඳහා පමණක් යතුරුපැදි 175කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version