මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල අද (13) උදෑසන සිට හටගෙන ඇති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට සහ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
විශේෂයෙන්ම හැටන් නගරය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී ගොස් ඇති අතර, ප්‍රදේශයේ අධික සීතල කාලගුණයක්ද පවතින බව වාර්තා වේ.
හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල දෘශ්‍යතාව ඉතා අඩු මට්ටමක පවතින බැවින් රථවාහන ධාවනයේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පවතින විට වාහනවල ඉදිරිපස ලාම්පු (Headlights) දල්වාගෙන ප්‍රවේශමෙන් ගමන් කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.
