“අපේ රජය – දෙවසරක පාලනය රටට අභිමානයක්” යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රැස්වීම් දෙකක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම් මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහි පළමු ජන රැලිය අද පස්වරු 2.00 ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙවන ජන රැලිය අද පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත ජන රැලි සඳහා විශාල ජනකායක් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version