දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගනිමින් සිටින පසුබිමක, වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බව සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා පෙන්වා දෙන්නේ, පවතින ගැටලු විසඳීම සඳහා සාකච්ඡා මට්ටමින් කටයුතු සිදුවෙමින් පවතින මොහොතක මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ බවයි.

දුම්රිය සේවාව යනු අත්‍යවශ්‍ය මහජන සේවාවක් බව සිහිපත් කරන ඒ මහතා, වර්ජන මුවාවෙන් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

සේවක ගැටලු විසඳීමට රජය සහ බලධාරීන් පියවර ගනිමින් සිටින අවස්ථාවක, මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග මගින් මහජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවත්, එය වගකීම් විරහිත ක්‍රියාවක් බවත් විතානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version