රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පුළුල් සංවර්ධන මාවතකට යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත නව හෘද සැත්කම් හා හෘදවාහිනී ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජපාන ජයිකා (JICA) ණය ආධාර යටතේ මෙම නවීන වෛද්‍ය ඒකකය ඉදිකෙරේ. මහල් අටකින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 3004ක මුදලක් වැය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අනුරාධපුරය ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
