කොළඹ නගරය සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙට්‍රෝ බස් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන ඇත. මෙම නව වැඩපිළිවෙළ හරහා මගීන්ට වඩාත් සුරක්ෂිත සහ සුවපහසු ගමන් අත්දැකීමක් ලබා දීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

අමාත්‍යවරයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ සම්බන්ධ නව බස් මාර්ග සිතියම ප්‍රසිද්ධියට පත් කර තිබේ. ලංකා මෙට්‍රෝ ට්‍රාන්ස් (Lanka Metro Transit) සේවාව යටතේ හඳුන්වා දී ඇති මෙම නව සැලැස්ම මගින් ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ කරමින් බස් රථ සේවා හතක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම නව ප්‍රවාහන ජාලය මගින් මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, දෙහිවල, මොරටුව සහ ජාඇල වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය වනු ඇත. මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගය ද මෙයට ඇතුළත් වේ.

මෙම සේවාව සැප්තැම්බර් මස අග භාගයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇතත්, ඒ සඳහා වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. නාගරික ප්‍රවාහන ගැටලුවලට විසඳුමක් ලෙස මෙම මෙට්‍රෝ බස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version